යොවුන් සීල සමාධි වැඩසටහන

තරුණ හා ක්‍රීඩා කටයුතු ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව විශේෂයෙන් තරුණ පරපුර සුගතිගාමී කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සියළුම විහාරස්ථාන වලදී සෑම පසළොස්වක පුන් පෝය දිනකදීම තරුණ පිරිස සීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනාවන්හි යෙදීම පෙරදැරි කොට ගනිමින් යොවුන් සීල සමාධි වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් හා සහයෝගයෙන් සැලසුම් කර ඇත. මේ සඳහා,

  • තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය
  • ජාතික තරුණ සේවා සභාව
  • ව්‍යවසායකත්ව සම්මේලනය
  • සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානය

සහයෝගය හා දායකත්වයෙන් ලබා දෙන අතර, මෙහි මුල් වැඩසටහන 2021.01 28 වන දුරුතු පොහෝ දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. මේ සම්බන්ධව මූලික සාකච්ඡාවක් 2020.01.07 දින කැළණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

නවතම දර්ශන